ප්‍රමුඛ පුවත 1

ජනපතිට පාකිස්ථානයෙන් උණුසුම් පිළිගැනීමක්

(UTV| පකිස්ථානය) – පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමාගෙන් ලද විශේෂ නිල ආරාධනය පරිදි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  ඊයේ  (22) ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන් තොටුපොළ වෙත ළගාවිය.

ශ‍්‍රී ලංකා – පාකිස්ථාන මිතුදමේ සුවිශේෂී සටහනක් තබමින් ජනාධිපතිතුමා මෙම අවස්ථාවට එක්වන අතර මෑත යුගයේ ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට මෙවන් නිල ඇරයුමක් හිමිවූ පළමු අවස්ථාව ද මෙය වෙයි.

1956 මාර්තු 23 වන දින පාකිස්ථානය ජන රජයක් බවට පත්වූ අතර එදා සිට සෑම වසරකම මාර්තු මස 23 වන දිනය ජන රජ දිනය ලෙස උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි.

මෙවර උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවන ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා අභිමානවත් අයුරින් පිළිගැනීමට පාකිස්ථාන රජය මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

සිය දෙදින නිල සංචාරය තුළදී පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මැතිතුමා මෙන්ම අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා සමඟ සාකච්ඡා පවත්වන ජනාධිපතිතුමා එහිදී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබද විශේෂ අවධානය යොමු කරනු ඇත.

එමෙන්ම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයට සමගාමීව දෙරට අතර අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත‍්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 04 කට ද අත්සන් තැබීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් 44ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

Mohamed Dilsad

ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ඇරඹේ

Mohamed Dilsad

ත්‍රස්ථවාදයට එරෙහිවන්න ජමෙයිතුල් උලමා සංවිධානය ඉල්ලයි.

Mohamed Dilsad

Leave a Comment