ප්‍රමුඛ පුවත 1

බගවන්තලාව ප්‍රදේශයේ කානුවක තිබී මළ සිරුරක් හමුවේ.

(UTV| කොළඹ) – වතු කම්කරුවෙකු විසින් කළ දැනුම්දීමකට අනුව අද (13) බගවන්තලාව ප්‍රදේශයේ තේ වත්තේ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව,කැම්පියන් වත්ත ඉහළ කොටසේ පදිංචි 60 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

එම පුද්ගලයා ඊයේ (12) පස්වරුවේ කර්කස්වොල් වතුයායේ ඥාතියෙකුගේ නිවසකට යන බව පවසමින් නිවසින් පිටත්ව ගොස් ඇත.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව බගවන්තලාවේ පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෙසෙල්වත්තේ දිනුකගේ සගයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පස්වරුවේ කාලගුණය අයහපත්

Mohamed Dilsad

යහපාලනය කළ කිසිඳු වැඩසහනක් තම රජයෙන් කරන්නේ නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment