ප්‍රමුඛ පුවත 1

කෙසෙල්වත්තේ දිනුකගේ සගයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කෙසෙල්වත්තේ දිනුක” නමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට  ගත බව පොලිසිය පවසයි.

ඊයේ(26) පස්වරුවේ කළ මෙහෙයුමකදී කෙසෙල්වත්ත ඩයස් පෙදෙසේදී  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 200ක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරු,  පසුගිය පෙබරවාරි 17 වනදා කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද පොලීසියට අවශ්‍යව සිටි අයෙකි.

36 හැවිරිදි ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දැදුරුඔය ඇතුලු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

Mohamed Dilsad

සන්ධාන – එජාප ඡන්දයෙන් අතුරු සම්මත ගිණුම සම්මත වෙයි

Mohamed Dilsad

නිදහස් චතුරශ්‍රයේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් මාර්ග වැසේ

Mohamed Dilsad

Leave a Comment