ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් සිව් වැනි වතාවටත් තියුණු ජයක් වාර්තා කරයි.

(UTV| කොළඹ) – හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති IPL අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණක තියුණු ජයක් වාර්තා කරමින්, 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (12) සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 149 ක් ලබාගත් අතර මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කරන් පොලාඞ් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 03 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායමට මුම්බායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි.

ලසිත් මාලිංග යැවූ අවසන් ඕවරයේදී චෙන්නායි ක්‍රීඩකයන්ට ලකුණු 9 ක ඉලක්කයක් හිමි විය. පළමු පන්දු 3දී ලකුණු 4ක් රැස් කර ගැනීමට සමත් වූ චෙන්නායි ක්‍රීඩකයෝ ලකුණු අතර සිටි ෂේන් වොට්සන් 4වෙනි පන්දුවේදී දුවද්දී දැවී යාමට හසු විමට නිසා කණ්ඩායමට එය විශාල පාඩුවක් විය. අවසන් පන්දු දෙකේදී ලකුණු 4 ක් රැස් කර ගැනීටම තිබූ අතර 5වන පන්දුවේදී ලකුණු දෙකක් ලබා ගැනීමට ශර්දුල් ඨාකූර් සමත් වූ අතර මාලිංග ගේ අවසන් පන්දුවට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමේන් ඨාකුර් දැවී යාමත් සමඟ මුබ්බායි ක්‍රීඩකයන් තරඟය ජය ගැනීමට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2021 වසරේ IPL තරගාවලිය පැවැත්වෙන රට තීරණය කරයි

Mohamed Dilsad

ලංකා ප්‍රිමියර් ලීග් කල් දමයි

Mohamed Dilsad

21 වන ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය හෙටයි

Mohamed Dilsad

Leave a Comment