ප්‍රමුඛ පුවත 1

මහනුවර කෝටිපති ව්‍යාපාරිකයෙකු කේරල ගංජා සමඟ අත්අඩංගුවට

(උදයම්,මහනුවර)  – කේරළ ගංජා තොගයක් සමඟ මහනුවර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනේ.සොයා ගැනුණු මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධිකය.

ඊයේ රාත්‍රියේ ලද තොරතුරක් මත තලාතුඔය, නැහිනිවෙල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී මෙම කේරළ ගංජා තොගය සොයා ගැනුණි.

මේ දක්වා මහනුවර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් විශාලම කේරළ ගංජා තොගය මෙය බවත් ඒවා යාපනයේ සිට රැගෙනවිත් ඇති බවට හෙළිවී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

අත්අඩංගුවට ගත් මෙම ව්‍යාපාරිකයා පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සංචාරක ව්‍යාපාරයක් මෙන්ම සුඛෝපභෝගී රථවාහන සහ ගොඩනැගිලි රැසක හිමිකරුවෙකු වන අතර  ඔහු විසින් යාපනයේ සිට කේරළ ගංජා මහනුවරට ප්‍රවාහනය කර පසුව ඒවා මධ්‍යම පළාතේ විවිධ ස්ථානවලට බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරුවෙකු බව හෙළිව තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මහනුවර මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර යාපනය සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයක රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ දෙකක් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චියේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

බස්රථය තුළ කුඩා ගමන්මළු දෙකක සඟවා එක් සැකකරුවෙකු කේරළ ගංජා කිලෝ ග්‍රෑමයක් බැගින් බෙදාගෙන ප‍්‍රවාහනය කරමින් සිටි බව කියයි. සැකකරුවන් යාපනය අච්චුවේලි ප‍්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි.ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මුදල් සොරකමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ

Mohamed Dilsad

ඡන්ද දැන්වීම් පත්‍රිකා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment