ව්‍යාපාරික

මෙරට ජලජීවී වගාව නගා සිටුවන්න කොරියාවෙන් ඩොලර් මිලියන 2.5 ක්

(උදයම්,කොළඹ)   – කොරියානු සාගර හා ධීවර අමාත්‍යංශය අතර පැවති සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස ඩොලර් මිලියන 2.5 ක් (රුපියල් මිලියන 375)  ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව නගා සිටුවීම සඳහා ප්‍රදානය කිරීමට සුදානම්වේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පසුගියදා කොරියාවේ කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදානය ලැබෙනු ඇත.ඉස්සන් හා මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත පුරයක් සදහා මෙම කොරීයානු ආධාර යෙදවීමට යෝජනා ඉදිරිපත්ව තිබේ.

එසේම මෙම මුදල් ජලජිවි වගා සංවර්ධන අධිකාරියට ලබාදී දේශීය ජලජිවි වගාව වැඩි දියුණු කිරීමට සැලසුම් සකස් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. ඒ අනුව ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය සමග සාකච්ජා කර අදාළ ආධාර වැය කළයුතු ව්‍යාපෘති හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඊට අමතරව කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය විසින් නිවාස 100 කින් සමන්විත ධීවර නිවාස ගම්මානයක් සඳහා ආධාර හිමිවූ අතර එම ගම්මානයේ නිවාස ඉදිකිරිම මේ වනවිට සිදුවෙමින් පවති.

Related posts

කොවිඩ් ණය සහන තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රුපියලේ අගය තවදුරටත් පහළට

Mohamed Dilsad

දකුණු ආසියාවේ ප්‍රථම ‘AHASA ONE’ ඉහළට එසවෙයි

Mohamed Dilsad

Leave a Comment