ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

(UTV|පුත්තලම) – නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පුත්තලම, කළපු ප්‍රදේශයේ ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

වයඹ විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (10) පුත්තලම, කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවිම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 58 ත් අතර වයසැති කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 04 ක්, පිටත දහන යන්ත්‍ර 04 ක්, තහනම් ධීවර දැල් 04 ක් සහ අල්ලන ලද මසුන් කිලෝ ග්‍රෑම් 51 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල්, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපතට පත් ජනතාවට සහන සැලසීමට ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස් [VIDEO]

Mohamed Dilsad

ගාල්ලේ ජනතාවට අවශ්‍ය ජිවිතාරක්ෂක බොට්ටු සහ ජිවිතාරක්ෂක නිලධාරීන් ස්ථානගත කරයි

Mohamed Dilsad

කොරෝනා දේශීය බෙහෙත ගන්න මහා සෙනගක්.පොලිසියෙන් කැඳවයි[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment