ප්‍රමුඛ පුවත 1

ඉතාලි යුද නෞකාවක් කොළඹ වරායට

(උදයම්, කොළඹ ) – ඉතාලි නාවික හමුදාවට අයත් “කැරබිනියරි”නම් වන යුද නෞකාව කොළඹ වරායට  පැමිණෙයි.

 

සුහඳ සංචාරයක් සඳහා අද (11) උදෑසන පැමිණි එම නෞකාව, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගෙන ඇති බව සඳහන්ය.
ලබන 14 වන දින දක්වා කැරබිනීර් නෞකාව කොළඹ වරායේ නැංගූරම්ලා තිබේ.

 

අදාළ නෞකාව දිවයිනේ නැංගූරම්ලා තිබෙන කාලය අතර තුර ශ්‍රී ලංකා නාවික හමුදාව, සංවිධානය කළ වැඩසටහන් කිහිපයකටද එහි නැව්මුළුව සහභාගීවීමට නියමිතය.

 

මේ අතර “කැරබිනියරි” යුද නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් ෆ්‍රැන්සිස්කෝ පැග්නොටා මහතා විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහඳ කතාබහක ද නිරතව තිබේ.

 

 

Related posts

පෞද්ගලික බහලුම් සේවකන් තවදුරටත් වර්ජනයේ

Mohamed Dilsad

ආර් ක්ලාර්ක් කූපර් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට.

Mohamed Dilsad

පාසැල් ගොඩනැගිලි 500 අද සිසු අයිතියට

Mohamed Dilsad

Leave a Comment