ප්‍රමුඛ පුවත 1

පොලිස් අත්අඩංගුවෙන් මිදී පානදුර රෝහලේ සැකකරුවන් 2 දෙනෙකු පලා යයි

(UTV | කොළඹ) –  පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා ගම්පහ සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

මොවුන්ගෙන් එක් අයෙකු වාහන අමතර කොටස් සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනික් සැකකරු වාද්දුව පොලිසිය මගින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විදෙස් පුහුණුවට විදුහල්පතිවරු 278ක් -අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

ඩුබායි අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පියාගේ සහෝදරයන්ද අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment