ප්‍රමුඛ පුවත 1

රාමසාන් උපවාස සමය අදින් ආරම්භ වෙයි

(UTV| කොළඹ) – ලොව පුරා  මුස්ලිම් ජනතාව සමරන රාමසාන් උපවාස සමය අදින් ආරම්භ කෙරුණි.

නව සඳ දැකීම පෙරේදා දිනයට යෙදී තිබුණද එදින නව සඳ නොදැකීම නිසා අද (07) දින මෙලෙස රාමසාන් උපවාසය ආරම්භ කිරීමට කොළඹ මහපල්ලිය තීරණය කළේය.

දිවා කාලයේ උපවාසයේ නිරත වෙමින් ලොව පුරා මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරනු ලබයි.

ලෝක ජනගහනයෙන් සියයට 24ක් එනම් බිලියන 7.6ක් වූ මුස්ලිම් බැතිමතුන් මෙලෙස රාමසාන් උපවාස පිළිවෙත් අනුගමනය කරන අතර අදින් ආරම්භ වන රාමසාන් උපවාස මාසය තුල ආගමික කටයුතු වලට අමතරව දුගී මගීන් වෙනුවෙන් දන් දීමටද ඔවුන් වැඩිපුර යොමුවෙයි.

ඉස්ලාම් දේවස්ථාන තුල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී සීමා ක්‍රියාත්මකයි වන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ආර්.එම්. මලික් මහතා පවසයි.

ඒ අනුව පිටතට ශබ්දය නොඇසෙන සේ ශබ්ද විකාශණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන ලෙස සියළු ඉස්ලාම් දේවස්ථානවලට දැනුම් දී ඇති බව ඒ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ බදුල්ල අතර දුම්රිය ධාවනයට බාධා(ඡායාරුප)

Mohamed Dilsad

කල් ඉකුත් වූ කීරි සම්බා තොගයක් විකිණීමට ගත් උත්සාහයක්

Mohamed Dilsad

බාල කිරිපිටි ආනායනය කරන කිරිපිටි සමාගම් වලට එරෙහිව කඩිනමින් පිරවර- ඇමති හැරිසන් කියයි

Mohamed Dilsad

Leave a Comment