ප්‍රමුඛ පුවත 1

බාල කිරිපිටි ආනායනය කරන කිරිපිටි සමාගම් වලට එරෙහිව කඩිනමින් පිරවර- ඇමති හැරිසන් කියයි

(UTV|කොළඹ) – මෙරටට බාල කිරිපිටි ආනායනය කරන කිරිපිටි සමාගම් වලට එරෙහිව සතියක් ඇතුලත අවශ්‍ය පියවර ගන්නා බව ග‍්‍රාමීය ආර්ථිකය පිලිබඳ අමාත්‍යවරයා අවධාරණය කරයි.

අමාත්‍ය පි.හැරිසන් මහතා ඊයේ (01) අඹේවෙල හයිලන්ඩි කිරිපිරි කර්මාන්ත ශාලාවේ  නීරික්‍ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසීය.

අවශ්‍යතාවයට පමණක් කිරිපිරි ආනයන කිරිමටත් දේශිය කිරිපිටි කර්මාන්ත නඟා සිටුවිමට තව දුරටත් සහන සැලසිමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියාය.

මෙරටට නිෂ්පාදනය කරන අයිස් කි‍්‍රමි යෝගටි වලටද ප‍්‍රමිතියක් හඳුන්වා දිමට කටයුතු කරන බවත් පැවසු අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජය බලයට පත්වන විට මෙරට දියර කිරි පරිභෝජනය 20%ක් තිබු බවත් එය මේ වන විට 50% ආසන්න ප‍්‍රමාණයකට ගෙනවිත් ඇති බවයි.
දියර කිරි දේශිය කිරි කර්මාන්තය නංවාලිම සඳහා පාසල් ළමුන් අතර දැනට ලබා දෙන දියර කිරි පෙර පාසල් ළමුන්ටද ලබා දිමට ඉදිරියේදි කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසීය.
2020 වසර වන විට මෙරට තුල කිරිපිටි භාවිතය වෙනුවට දියර කිරි පරිභෝජනය වැඩි කිරිමට සැලසුමි කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාපෙ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී

Mohamed Dilsad

සමුද්‍රීය ආරක්‍ෂක රාජකාරී සඳහා පහසුකම් සැපයීමට නෙදර්ලන්තය ඉදිරිපත් වෙයි

Mohamed Dilsad

පස්වරු 4.00 න් පසු අක්මා බද්ධ සැත්කම් සිදු කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment