ප්‍රමුඛ පුවත 1

ඩුබායි වලින් පිටුවහල් කල මදුෂ් CIDයෙන් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඩුබායි රාජ්‍යයේ සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් පොලීසිය අත්අඩංගුවට ගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මදුෂ් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය භාරයේ සිටින බවයි.

ඩුබායි සිට මෙරටට පිටුවහල් කෙරුණු සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් අද අලූයම 5 ට පමණ කටුනායක ගුවන් තොටුපලේදී පොලිස් භාරයට ගැනුණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් ඔහු දිවයිනට පැමිණියේය.

මදුෂ් මනුෂ්‍ය ඝාතන ඇතුලූ දරුණු අපරාධ රැසකට සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි කෙනෙකි.

පෙබරවාරි 5 වනදා ඩුබායි හි සාදයකදී පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලූ 31 දෙනෙකු අත්අඩංගුවට පත්වුයේ පසුගිය යි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පසුගිය දිනවල ඇතිවූ සිදුවීම් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පළුදු කිරීමට සිදුවූවක් [VIDEO]

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අල්ලස් නඩුවෙන් පියංකර ජයරත්න නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment