ක්‍රීඩා

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරුයි.රජය කියයි

(UTV| කොළඹ) – රටේ පවතින ආරක්ෂක තත්ත්වය මත ක්‍රිඩකයන්ට අවශ්‍ය සියළු ආරක්ෂාව සපයන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ක්‍රිකට් ක්‍රිඩාවේ ගැටළු හා ක්‍රිඩා සංගම් සම්බන්ධ ගැටළු මෙන්ම ක්‍රිඩාවේ අනාගත සැළසුම් සම්බන්ධයෙන් ඊයේ ක්‍රිඩා අමාත්‍යංශයේ  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන තරග සඳහා මැයි මස 07 වන දින දිවයිනෙන් පිටත්වන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියළුම ආරක්ෂාව සළසා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමකට අනුව මෙම ආරක්ෂාව ලබා දීමට තමන් කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟද ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සකාච්ඡා කර තිබේ.

ක්‍රිඩකයන් 19ක් ඇතුළු 30ක පමණ කණ්ඩායමක් මෙම සංචාරය සඳහා පිටත් වීමට නියමිතය.

සංහිඳියාව ඇති කර ගත හැකි හොඳම මාර්ගය ක්‍රීඩාව බව පැවසූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඉදිරියේදී ලාංකික ක්‍රීඩකයින් සියලු දෙනා එක් කොට රටට පණිවිඩයක් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පකිස්ථාන සංචිතය ප්‍රකාශයට

Mohamed Dilsad

ICCයෙන් වනිඳුට අලුත් තැනක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු කාන්තා පිල තුන්කොන් තරගාවලිය ජයගනී

Mohamed Dilsad

Leave a Comment