ක්‍රීඩා

ඕස්ට්‍රේලියානු කාන්තා පිල තුන්කොන් තරගාවලිය ජයගනී

(UTV | ඔස්ට්‍රේලියාව) – තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වී තිබේ

ඉන්දියා, එංගලන්ත සහ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම් අතර පැවැති තුන්කොන් විස්සයි 20 තරගාවලියේ අවසන් තරගය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දි පැවතුණි.

එහි කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පිල නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු සංඛ්‍යාව 155ක් රැස් කළ අතර ලකුණු 156ක ඉලක්කය හඹාගිය ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 144ක් පමණයි.

 

 

Related posts

ලසිත් මාලිංග ලීග් තරඟාවලියෙන් සමුගනියි

Mohamed Dilsad

එංගලන්තය පරදා සිංහ පැටව් ජය ලබයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

Leave a Comment