ක්‍රීඩා

ලසිත් මාලිංග ලීග් තරඟාවලියෙන් සමුගනියි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කර ඇත. 

ඒ බව ඔහු තම කණ්ඩායම වෙත මෙම මස මුලදී දැනුම්දුන් බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ නිවේදනය කළේය.

ඒ අනුව මෙවර IPL තරගයට ද ඔහු ක්‍රීඩා නොකිරීමට තීරණය කර ඇත.

මුම්බායි කණ්ඩායම විසින් මෙවර තරග වාරය සදහා සිය කණ්ඩායමේ රදවා ගන්නා ක්‍රීඩකයින් සහ නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඊයේ ප්‍රකාශයට පත් කළ අතර, ලසිත් මාලිංග ද නිදහස් කරන ලද නාම ලේඛනයට ඇතුළත්ව තිබුණා.

කෙසේ වෙතත්, පසුව නිවේදනයක් නිකුත් කළ මුම්බායි කණ්ඩායම සදහන් කළේ මාලිංග ලීග් තරඟවලින් විශ්‍රාම ගන්නා බවට තම කණ්ඩායම දැනුවත් කර ඇති බවයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවස්ථා හතරකදී ශූරතාවය දිනාගැනීමට විශාල සේවයක් ඉටුකළ මාලිංග මුම්බායි කණ්ඩායම වෙනුවෙන් කඩුලු 170ක් දවාගැනීමට සමත් විය. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වනුයේද ලසිත් මාලිංගයි.

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට සුදානම්

Mohamed Dilsad

එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන්ට

Mohamed Dilsad

Leave a Comment