ක්‍රීඩා

එංගලන්තය පරදා සිංහ පැටව් ජය ලබයි

(UTV|එංගලන්තය)  ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ(21) පැවති තරඟයේදී ලකුණු 20ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුහ.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන් අතර සිය පන්දු වාර 50 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 232ක් ලබාගත්තේය.

අනතුරුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47ක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 212ක් පමණි.

ඒ අනුව ලකුණු 20කින් අද තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි විය.

නායක දිමුත් සහ කුසල් පෙරේරා අද ඉනිම ආරම්භයේදීම අසාර්ථක වු අතර සිය පළමු ලෝක කුසලාන තරගයට සහභාගී වූ  යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත විය.

එහිදී ඔහු ලකුණු 49 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග පන්දුවාර 10 අවසානයේ ලකුණු 43කට කඩුළු 4ක්ද, ධනංජය සිල්වා ලකුණු 32කට කඩුළු 3ක්ද, ඉසුරු උදාන ලකුණු 43කට කඩුළු 2ක්ද දවා ගත්හ.

කුසල් මෙන්ඩිස් ලකුණු 46 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් රැස් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉයොන් මෝගන් ICC ලෝක කණ්ඩායමේ නායකත්වයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ උප නායිකාව දැයෙන් සමුගනී

Mohamed Dilsad

අකිලගේ පන්දු යැවීමෙන් එක්දින ශ්‍රේණිගත කිරිම් වල ඉදිරියට

Mohamed Dilsad

Leave a Comment