කලා

‘According to mathew’ සිනමා පටය තවත් නොබෝ දිනකින්

(උදයම්,කොළඹ) – මීට දශක හතරකට පමණ පෙර 70 දශකයේ අග භාගයේ සිදුවූ ආන්දෝලනාත්මක “මැතිව් පීරිස්” ඝාතන සිද්ධිය ඇසුරෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසින්  නිර්මාණය කරන ලද ‘According to mathew’ සිනමා පටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

මේ වනවිට බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක බවට පත්ව සිටින, ශ්‍රී ලාංකේය රූ රැජිණ ජැක්ලීන් ෆර්නැන්ඩස් රඟන ප්‍රථම ලාංකේය සිනමාපටය එය වීම විශේෂත්වයකි.මෙහි මැතිව් පීරිස්ගේ චරිතය රඟපාන්නේ ඇල්ස්ටන් කොක්. ඔහු ඕස්ට්‍රේලියාවේ ගායකයෙකු ලෙසත් ප්‍රකටය.බිම්සරා ප්‍රේමරත්න සහ කියන් ඕගේ‍රඩ් අනෙකුත් ප්‍රධාන චරිතවලට පණ දෙයි.

මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය අප්‍රේල් 7 වැනිදා පැවැත්වේ.මෙය ඉංග්‍රීසි චිත්‍රපටයක් වූවත් ලංකාවේ ප්‍රදර්ශනය සඳහා සිංහල හඬ කැවූ පිටපතක්ද මුදාහැරෙණු ඇත. ලංකාවේ පමණක් නොව ලෝකයේ රටවල් රැසක  මෙම චිත්‍රපටය සමගාමීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/SINHALA-FILM-02-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/SINHALA-FILM-03-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/SINHALA-FILM-04-UDM-SIN.jpg”]

 

Related posts

එකම දිනයේ රැජිණිකාන්ත්ගේ සහ ධනුෂ්ගේ චිත්‍රපට 2ක්

Mohamed Dilsad

වකීන් ෆීනික්ස් අත්අඩංගුවට

Mohamed Dilsad

ජස්ටින් බීබර්,හේලි බෝල්ඩ්වින් සමඟ විවාහ ගිවිස ගනී

Mohamed Dilsad

Leave a Comment