ප්‍රමුඛ පුවත 1

පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ චක්‍රලේඛයක්

(UTV| කොළඹ) – රටේ පවතින පවතින තත්ත්වයත් සමඟ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අදාළ චක්‍රලේඛයෙන් පාසල් ප්‍රජාව දැනුවත් කිරීම, ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු වැඩපිලිවෙල සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව සඳහන් වේ.

පාසලට පැමිණීමේදී සහ පිටවීමේදී ආරක්ෂාව තහවුරු කිරීම, ගමන් මළු සහ පාසල් බෑග් පරීක්ෂා කිරීම ආදී කරුණුද මෙමඟින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මීට අමතරව පාසල තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් මෙන්ම ශිෂ්‍ය සමිතිවල සහභාගීත්වයෙන් ආරක්ෂක කමිටු හා අනු කමිටු පිහිටුවා ඒ පිළිබඳව ක්‍රියා කළ යුතු බවටයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙම විශේෂ චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්ද ගණනය කිරීම් ආරම්භ කෙරේ

Mohamed Dilsad

උසස් පෙළ විභාග සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

Mohamed Dilsad

මහජන ආරක්ෂණ සභාවක් ඇති කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment