ප්‍රමුඛ පුවත 1

දුවගේ පහර දීමෙන් මවක මරුට

(UTV|රත්නපුරය) – දියණියක සිදුකළ පහරදීමකින් මවක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

කහවත්ත, මඩලගම ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇත.

පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකාරිය සිය මවට සහ පියාට පොල්ලකින් පහර දී ඇති බවයි.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ මාපිය දෙපළ කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මව මියගොස් තිබේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරිමට නියමිතය.

මෙම කාන්තාව මානසික රෝගි තත්ත්වයකින් පෙළෙන බවද මේ වනවිට අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකාර කාන්තාව මේ වන විට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

පුද්ගල මරණයක් සඳහා අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට…

Mohamed Dilsad

Leave a Comment