විදෙස්

පැරීසියම හැඩවූ ඛේදවාචකය

(UTV|පැරීසිය) – වසර 850 ක් පමණ ඉපැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නෙන් ඊට දැඩි අලාභ හානි සිදුවුණා. කෙසේ වෙතත් එහි පිළිසකර කිරීම් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමට මේ වන විට ධානපතියන් ඉදිරිපත් වෙයි.

ඊයේ රාත්‍රියේ මෙම ගින්න හට ගෙන තිබෙනවා. එම ගින්න මඩ පැවැත්වීමට ගිනි නිවන භටයින් 500 කට අධික පිරිසක් සහභාගීවී තිබේ.

එම ගොඩනැගිල්ලේ ඵෙතිහාසික සිතුවම් හා ප්‍රධාන ගොඩනැගිල්ල බේරා ගැනීම සඳහා ගිනි නිවන භටයින් දැඩි පරිශ්‍රමයක නිරත වූ බව විදෙස් වාර්තා පවසයි.

1163 වසරේදී ඉදිකිරීම් ඇරඹුණු ගොතික් සම්ප්‍රදායේ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස මෙම දෙව් මැදුරු ගොඩනැගිල්ල  සැලකේ.

මෙම ගොඩනැගිල්ලට ‘‘නොට්රඩාම්’’ යන නම ලැබී ඇත්තේ සුප්‍රකට සාහිත්‍යධර වික්ටර් හියුගෝ ගේ නිර්මාණයක සටහනක් නිසාය.

‘‘නොට්රඩාම්’’ යනුවෙන් අදහස් කෙරෙන්නේ කන්‍යා මව්තුමිය යන්නයි.

යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙසද මෙය  නම් කර තිබේ.

‘‘නොට්රඩාම්’’ ගොඩනැගිල්ල ගිනි ගන්නා විට පැරිසියේ ජනතාව  විශාල වශයෙන් වීථිවලට රොක් වී හඩා වැලපෙමින් ඒ දෙස බලා  සිටියහ.

මේ සම්බන්ධයෙන් එරට ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කළේ එය ජාතියේ ඛේදවාචකයක් බවයි.

ඊයේ ඇති වූ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

කෙසේ වෙතත් මේ වන විට මෙම ගොඩ නැගිල්ල යතා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මුදල් පරිත්‍යාග කිරීමට ප්‍රංශයේ බිලියනපතියෙක් ඉදිරිපත්ව තිබෙනවා.ඔහු විසින් යුරෝ මිලියන 100ක් මුදලක් පරිත්‍යාග කෙරෙන බව විදෙස් වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා මුණ ගැසීමට සුදානම්

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයන් හයකෝටි හයලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් සාර්ථකව අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment