ක්‍රීඩා

IPL තරඟවලියේ ලසිත් මාලිංග කඩුලු 04 බිඳ හෙලයි…

(UTV| ඉන්දීයාව) – ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ ඊයේ (15) පැවති තරඟයකදී ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිලට ජයග්‍රහණය ගෙන ඒමට ප්‍රමුඛ දායකත්වයක් දක්වයි.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදවා කඩුළු 05 ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

මේ අතර, ලකුණු 31 කට කඩුළු 04 ක් බිඳ හෙළු ලසිත් මාලිංග තරඟයේ වීරයා ද විය.

බැංගලෝර් කණ්ඩායම සිය පන්දුවාර විස්ස තුළදී කඩුළු 07 ක් දැවී ලකුණු 171 ක් රැස්කළ අතර, මුම්බායි ඉන්දියන්ස් පිල පන්දුවාර 19 කදී කඩුළු 05 ක් දැවී ලකුණු 172 ක් ලබමින් තරඟයේ ජය හිමිකර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද

Mohamed Dilsad

ඉන්දු ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

Leave a Comment