ප්‍රමුඛ පුවත 1

තැලසිමියා දරුවන්ගේ ඇටමිදුලු බද්ධ කිරිම සඳහා අවශ්‍ය පියවර සුදානම්….

(UTV| කොළඹ) – මහනුවර මහ රෝහල් භූමියේ ඉදිකෙරෙන මහල් 08 කින් යුත් තැලසීමියා වාට්ටු සංකීර්ණය කඩිනමින් ඉදිකිරිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරිම සදහා රුපියල් මිලියන 96 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොන්ත්‍රාත් සමාගම වෙත පසුගියදා ලබා දුන් අතර මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සදහා වැය කරන මුදල රුපියල් මිලියන 1700 වේ.

මෙවැනි ඇටමිදුලු බද්ධ කිරිමක් පෞද්ගලික රෝහලක දී සිදු කිරිම සදහා රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් වැය වන අතර මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරිම තුලින් ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීම සදහා රජයට වැයවන මුදල රුපියල් ලක්ෂ 10 කටත් අඩු වෙයි.

දැනට දිවයින පුරා තැලසීමියා දරුවන් 3000 ක් සිටින අතර, ඔවුන්ට දිනපතා ඖෂධ හා එන්නත් ලබාදිය යුතුවේ.

තවද ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් මිලියන 1700 ක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌව පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

Mohamed Dilsad

මාතලේ තැපැල් සේවකයින් වර්ජනයේ

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල හෙට නිකුත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment