ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට තද වැසි

(UTV| කොළඹ) -මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහබස්නාහිර පළාත්වල සහ අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල තැනින් තැන අද (13) සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තිරුකේශ්වරම්, පලයිමොඩ්ඩායි, මාලිකායි, පරාක්‍රමපුර, කැල්ලරවයන ප්‍රදේශ වලට අද දින (13) දහවල් 12.10 ට හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සබරගමුව සහ දකුණුපළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නේපාල ජනාධිපතිනිය දිවයිනට

Mohamed Dilsad

එම්.කේ ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් [VIDEO]

Mohamed Dilsad

මීගොඩ ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක් වටලයි

Mohamed Dilsad

Leave a Comment