ක්‍රීඩා

දක්‍ෂතා මත ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීම කෙරෙහි අවධානය..

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගිවිසුම සංශෝධනය කිරීම සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

එහිදී  ක්‍රිකට් ක්‍රීඩකයින්ට දක්ෂතා මත පදනම්ව පමණක් ඉදිරියේදී  ගෙවීම් සිදු කරන ආකාරයට කොන්ත්‍රාත් ගිවිසුම සංශෝධනය කිරීමට නියමිතයි.

නමුත් එම ගිවිසුමට එළැඹීම සම්බන්ධයෙන් ගැටළු මතුව ඇති බවැඩ වාර්තා වෙනවා.ඒ ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එම ගිවිසුමට එළඹීමට කල්මරමින් සිටින නිසාය.

පසුගිය වසර දෙක තුල  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තරග 110කට සහභාගී වී තිබෙනවා.නමුත් ඉන් ජයගෙන ඇත්තේ තරග 33ක් පමණයි.තරඟ 69ක් පරාජය වී තිබේ.

ඒ නිසා මෙම ක්‍රීඩකයින් තමන් ගන්නා වැටුපට සාධාරණයක් ඉටු කර නොමැති බවට චෝදනාද එල්ල වේ.

ඒ නිසා මෙම ක්‍රීඩකයින්ගේ ජ්‍යෙෂ්ඨත්වය පදනම් කර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවීම් සිදු නොකර දක්වන දක්ෂතාවය අනුව ගෙවීම් සිදු කල යුතු බවට යෝජනා වී ඇත .

කෙසේ වෙතත් ඉදිරි එක්දින ලෝක කුසලානයට සහභාගි වන සංචිතය නම් කිරීමෙන් පසු මෙම නව කොන්ත්‍රාත් ගිවිසුම ක්‍රීඩකයන්ට ලබා දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තානය වර්ජනය කල 10 දෙනාට ෂොහිබ් අක්තාර්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

IPL කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment