ක්‍රීඩා

පාකිස්තානය වර්ජනය කල 10 දෙනාට ෂොහිබ් අක්තාර්ගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනෙක් තම රට තුල සංචාරය නොකිරීමට තීරණය කිරිම කනගාටුවට කරුණක් බව පාකිස්තානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂොහිබ් අක්තාර් පවසයි.

ඔහු මේ බව පසුගියදා ට්විට්ටර් පණිවිඩයක් මගින් සඳහන් කර ඇත.

බොහෝ තීරණාත්මක අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පාකිස්තානය සහය පළකර ඇති බවට අක්තාර් පවසයි.

ක්‍රීඩකයෝ 10 දෙනෙක් පකිස්තානයට එන්න බෑ කියලා කියන එක අපේ බලාපොරොත්තු සුන්කළා. අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ උපකාර කරලා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අපි අවුරුදු 19න් පහළ පිලක් ලංකාවට එව්වා. එම සිද්ධියෙන් පස්සෙ ශ්‍රී ලංකාවට ආපු පළමු ජාත්‍යන්තර කණ්ඩායම තමයි ඒක. 1996 ලෝක කුසලානයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට එන්න බෑ කියලා කියද්දී අපි ඉන්දියාව හා ඒකාබද්ධ කණ්ඩායමක් විදිහට ශ්‍රී ලංකාවට ආවා. ඇවිත් මිත්‍රත්ව තරගයක් ක්‍රීඩා කළා. අපි දැන් ඒ සියල්ලටම ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර අපේක්ෂා කරනවා. ඔවුන්ගේ ක්‍රිකට් ආයතනය සහයෝගී නම් ක්‍රීඩකයොත් එසේ විය යුතු,” යැයි අක්තාර් ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්තයේ ක්‍රීඩා ඉසව් යළි ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

කොදෙව් පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 153 ක් ඉදිරියෙන්

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ට උපකරණයක් මිලදී ගන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආධාර

Mohamed Dilsad

Leave a Comment