ක්‍රීඩාදේශීය

කොරෝනා රෝගීන්ට උපකරණයක් මිලදී ගන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආධාර

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජාතික රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇතුළු සාමාජිකයින් සිය දායකත්වය ලබා දීමට පියවර ගෙන තිබේ.

ජාතික රෝහල විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් මෙම උපකරණය මිලදී ගැනීම සඳහා සිය දායකත්වය දැක්වීමට පියවරගෙන තිබේ. ස්වරාලය හෙවත් උගුර ආශ්‍රිත ප්‍රදේශයේ වූ පටක පරීක්ෂා කිරීම සඳහා යොදා ගැනෙන මෙම ලැරින්ගෝස්කෝප් (Laryngoscopes) නම් උපකරණයෙන් කොරෝනා රෝගීන් පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව පවතින්න උපකරණයක් වේ.

මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, “මීට කළින් මෙවැනි උපකරණයනක් ජාතික රෝහලේ තිබිලා තියෙනවා. නමුත් ඒකෙන් කොරෝනා ආසාධිතයකු සොයා ගැනීම නිසා ඒ උපරකරණය නැවත භාවිතා කිරීමේ හැකියාවක් නැති බව අප වෙත දන්වා තිබුණා. ඒ අනුව ඒ සඳහා වූ වැඩ සටහනට අපි දායකත්වය දැක්වීමට තීරණය කළා”යි සඳහන් කර සිටියේය.

රට තුළ පවතින භයානක තත්ත්වය තුළ එම උපකරණය අතශවශ්‍ය එකක් බවට පත්ව තිබෙන අතර මේ වන විටත් එය ඇණවුම් කර තිබේ. ඇණවුම් කර තිබෙන උපකරණය පෙර පැවැති උප කරණය මෙන් නොව ජීවානුහරණය කිරීමෙන් පසු නැවත නැවත භාවිතා කිරීමේ හැකියාව පවතින්නක් වන බවද කරුණාරත්න මෙහිදී වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටියේය. එම නව යන්ත්‍රය ලබන 27 වැනිදාට ප්‍රථම ලැබීමට නියමිතව තිබේ.

Related posts

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි

Mohamed Dilsad

ජනවාරියේ සිට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි අරඹයි

Mohamed Dilsad

ධීවර ප්‍රජාවට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment