ප්‍රමුඛ පුවත 1

වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් – CID පවසයි.

(UTV| කොළඹ) – තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධව , හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේ ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරන ගෙන අවසන් බවත්, එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමර්ශනය කර, ඉදිරි නඩු දිනයේදී විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

එසේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු වන ප්‍රසාද් හෙට්ටිආරච්චි, නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සැකකරුවන් 07 දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert

Related posts

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට ආණ්ඩුවේ සහය

Mohamed Dilsad

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම්

Mohamed Dilsad

Leave a Comment