ප්‍රමුඛ පුවත 1

ආබාධිත සහ මිය ගිය රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ජීවිතාන්තය දක්වා වැටුප්

(UTV| කොළඹ) – ආබාධිත රණවිරුවන්ට සහ මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට සහ යැපෙන්නන්ට වයස අවුරුදු 55 දක්වා ගෙවන වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට සුදානම වෙයි.

මෙම වැඩසටහන ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන බව රජය පවසයි.

ඒ අනුව මෙහෙයුම් රාජකාරී කටයුතුවලදී ත්‍රස්තවාදී ක්‍රියා හේතු කොට ගෙන හෝ නීතිය ක්‍රියාත්මක කිරීමේ වෙනත් කටයුතු නිසා හෝ ආබාධිත තත්ත්වයට පත්ව සිටින ත්‍රිවිධ හමුදා රණවිරුන්ට මෙලෙස ජීවිතාන්තය දක්වා වැටුප් ගෙවීමට නියමිත ය.

ඉදිරි මාස 2ක ඇතුළත ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අංශය ගෙන ඇති පියවර පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

නායයෑම් සිදුවිය හැකි ස්ථාන හදුනා ගැනේ

Mohamed Dilsad

රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment