ප්‍රමුඛ පුවත 1

නායයෑම් සිදුවිය හැකි ස්ථාන හදුනා ගැනේ

(උදයම්,කොළඹ)   –  නායයාම් සිදු විය හැකි බවට සැක කෙරෙන ස්ථාන පරීක්ෂා කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව් අමෙ වන විට එවැනි ස්ථාන 1000කට වැඩි සංඛ්‍යාවක් පිලිබඳ අවධානය යොමුව තිබේ.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මාතර ,රත්නපුර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක නායයාමේ අවදානම සහිත ස්ථාන හඳුනාගෙන ඇති බවයි.
විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  අතුඇල, තලපෙකුඹුර, ඇතුලු ප්‍රදේශ කිහිපයකින් ජනතාව ඉවත් කිරිමට දැනුම් දී තිබේ.
මෙලෙස දැනුම්දී ඇති ප්‍රදේශවලින් ඉවත්විම ප්‍රතික්ෂේප නොකරන ලෙස ආර්.එම්.එස් බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

දෙවන පාසල් වාරය අද ඇරඹේ.

Mohamed Dilsad

ශ්‍රීලනිප හා ‌‌‌පොදුජන පෙරමුණ සන්ධාන ගතවෙයි [VIDEO]

Mohamed Dilsad

“රජයට සහය දීමේ තීරණයේ කිසිදු වෙනසක් නෑ” දෙමළ ජාතික සන්ධානය

Mohamed Dilsad

Leave a Comment