විදෙස්

ඉතියෝපියාවේ කසළ කන්දක් නායයෑමෙන් 48 ක් මරුට

(උදයම්,ඉතියෝපියාව) –  ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර ආසන්නයේ පිහිටි කුණු කසළ කන්දක් නායයෑමෙන් පුද්ගලයෝ 48 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.

සෙනසුරාදා රාත්‍රියේ මෙම නායයෑම ආරම්භවී ඇති අතර තවමත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තාවේ.

කුණු කන්ද පහළ ඉදිකර තිබු තාවකාලික නිවාස රැසක් යටවී ඇත.නායයෑම සිදු වන විට එම නිවාස වල පුද්ගලයින් 150 දෙනෙකු පමණ සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දශක පහකට වැඩි කාළයක සිට අඩිස් අබාබා අගනුවර පිහිටි මෙමෙ ප්‍රදේශයට කසළ බැහැර කරනු ලබයි.

 

Related posts

මගීන් 100ක් සමඟ ගුවන් යානයක් අනතුරට

Mohamed Dilsad

දිල්ලියේ වායු දුෂණය යළි ඉහළ යයි

Mohamed Dilsad

සෙල්ෆි ගනිද්දී නගරාධිපතිගේ හිසට වෙඩිතබා ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment