ප්‍රමුඛ පුවත 1

රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ)  – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ මධ්‍යම පළාත් විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මියඅභාවප්‍රාප්ත වෙයි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ(12) රාත්‍රියේ මියගිය ගොස් තිබේ.
දුණුතිලක මුදියාන්සේලාගේ රේණුකා මැණිකේ හේරත් මහත්මිය මියයන විට 72 වියෙහි පසු වුවාය.
නුවරඑළිය ආසනය ජයග්‍රහණය කරමින් වර්ෂ 1977දී පාර්ලිමේන්තුවට පිවිසි රේණුකා හේරත් මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨතම සාමාජිකාවක් වේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා දිනයේ වලපනේ නිල්දණ්ඩාහින්න පොදු ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිත අතර එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (13) පෙරවරුවේ සිට වලපනේ පිහිටි ඇය නිවසේ තැන්පත් කර ඇත.

Related posts

රෝසි මහත්මිය පුරපතිනිය ලෙස වැඩ භාර ගනී

Mohamed Dilsad

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ධුරය ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාට

Mohamed Dilsad

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද පූජාවට ජනපති එක් වෙයි.

Mohamed Dilsad

Leave a Comment