ප්‍රමුඛ පුවත 1

හෙද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනයටත්

(UTV| කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට සම්බන්ධ හෙද හෙදියන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනයටත් ක්‍රියාත්මකයි.

දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ උදෑසන අරම්භ කල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට උදෑසන 8 ට අවසන් කිරීමට නියමිත බවරාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙටේටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.

හෙද හෙදියන්ට අනතුරු දීමනාවක් වශයෙන් රුපියල් 10,000ක දීමනාවක් ලබා දීම, නිල ඇඳුම්වලට ලබා දෙන දීමනාව රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරයි.

මෙම හෙද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීහු දැඩි අපහසුතාවට පත් වූ බව අප වාර්තාකරුවන් පැවසුවේය.

කෙසේ වෙතත් ළමා රෝහල, කාසල් රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මහරගම අපේක්ෂා රෝහල සහ විශේෂිත ඒකකවල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බවද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිිස් පොඩ්ඩන්ගේ උසස්වීම් ගැටලු ඉවරයි – ඇමති සාගල කියයි

Mohamed Dilsad

2109 අයවැය යෝජනා රැගෙන මුදල් ඇමති සභාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාට සහාය දීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment