ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක 11කට උණුසුම වැඩි වෙයි

(UTV| කොළඹ) – උණුසුම් කාලගුණය පිළිබඳව කාලගුණ අංශ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ පුත්තලම, කුරුණෑගල, කොළඹ, ගම්පහ, කළුතර, මන්නාරම, වව්නියාව, මුලතිව්, අනුරාධපුර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවල අද උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව ය.

මේ අතර මේ දිනවල පුත්තලම ප්‍රදේශයේ දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4කින් ද අනුරාධපුරය, යාපනය, කටුගස්තොට හා කුරුණෑගල ප්‍රදේශවල දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් ද ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බදුල්ල, ගාල්ල, මහ ඉලුප්පල්ලම, මන්නාරම, ත්‍රිකුණාමලය හා වව්නියාව දිස්ත්‍රික්කවල දිවා කාලයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්තේ සෙල්සියස් අංශක 2කිනි.

බදුල්ල ප්‍රදේශයේ රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් ඉහළ ගොස් ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ ජනතාව වැඩි ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල රැඳි සිටීම හා අධික වෙහෙසකාරී ක්‍රියාවලින් ඉවත්ව සිටින්නැයි සෞඛ්‍ය අංශය ජනතාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මට්ටක්කුලියේ හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

හෙරොයින් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

2018 වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment