ප්‍රමුඛ පුවත 1

2018 වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

(UTV|ගාල්ල) – අදට යෙදී ඇති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සංවිධානය කෙරුණු වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (16) පෙරවරුවේ ගාල්ල, දඩල්ල වෙරළ තීරයේ දී පැවැත්විණි.

එමෙන්ම ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් පරිදි ප්‍රකාශයට පත්කරන ලද ජාතික වෙරළ පිරිසිදු කිරීමේ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ක්‍රියාවට නැංවීම ද මේ හා සමගාමීව සිදු විය.
පිවිතුරු වෙරළක් උදෙසා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අභිනවයෙන් ක්‍රියාත්මක කරන වෙරළ රැකබලා ගන්නන් පත්කිරීමත්, අතිනවීන පහසුකම්වලින් යුතු විද්‍යාගාරයක් සහිත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දකුණු පළාත් කාර්යාල සංකීර්ණය විවෘත කිරීමත්, නවීකරණය කරන ලද දඩල්ල වෙරළ තීරය ජනතා අයිතියට පැවරීමත් අද මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක, රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රි විෙජ්පාල හෙට්ටිආරච්චි, පළාත් අමාත්‍ය යූ.ඩී . ආරියතිලක සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් රෝහණ පෙරේරා, සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිට මරුකැඳවූ රියදුරුට ඇප…

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

එස්.බීට සහ ඩිලාන්ට ශ්‍රීලනිපය සුදානම්

Mohamed Dilsad

Leave a Comment