ප්‍රමුඛ පුවත 1

මහ බැකු බැඳුම්කර වංචාවට අදාළ සිව් දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මහ බැකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව යි.

මෙම සිව්දෙනා ඔවුන්ගේ නිවෙස්වලදී අද(25) උදැසන අත්අඩංගුවට ගෙන ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සෙසු තිදෙනා පර්පචුවල් ට්‍රෙෂරිෂ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙසරීස් ලිමිටඩ් අයතනයේ අධ්‍යක්ෂකවරුවන්වන  පුෂ්පමිත්‍ර ගුණවර්ධන , චිත්‍රා රංජන් හුලුගල්ල , මුතුරාජ සුරේන්ද්‍රන් යන අයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව ප්‍රවේශ මාර්ගය 8දා විවෘත වෙයි

Mohamed Dilsad

එජාප කෘත්‍යාධි මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

වර්ජනය නිසා ලංගමයෙන් අතිරේක බස්

Mohamed Dilsad

Leave a Comment