ප්‍රමුඛ පුවත 1

ප්‍රහාරය ගැන සොයන විශේෂ කාරක සභාවේ වාර්තාව අගෝස්තුවේදී

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීමේ කටයුතු මෙම මාසයේදී අවසන් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නියෝජිතයෙකු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පසුගියරැස්වීම් වාර කිහිපයේදී 20 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කර ගත් බවයි.

ඉදිරි රැස්වීම් වලදී තවත් 13 දෙනෙකු පමණ සාක්ෂි ලබා දීමට සුදානම් බව ඔහු කියා සිටියේය.

ඒ අනුව සාක්ෂි විමසීමේ කටයුතු මෙම මාසයේදී අවසන් කර කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මාසයේදී සකස් කල හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අනිද්දා (24) යළි රැස්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්

Mohamed Dilsad

අභිමානවත් 72 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම සංඝරත්නයේ ප්‍රශංසාවට

Mohamed Dilsad

Leave a Comment