ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ගැන ජිනීවාහි විවදය අදයි

(UTV| කොළඹ) – සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට අදාල විවාදය අද (21) පැවැත්වීමට නියමිතය.

ඊයේ (20) නිල වශයෙන් එම වාර්තාව සමුළුවට ඉදිරිපත් කෙරුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය විසිනි.

එහිදී ඇය විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ප්‍රකාශ කලාය.

එසේම තවත් පියවර රාශියක් ගත යුතු බව ඇය මෙහිදී අවධාරණය කළේය.

ඒ අනුව විදේශීය විනිසුරන් යොමු කිරිම, ශ්‍රී ලංකාව තුල කාර්යාලයක් පිහිටුවිම ඇතුළු කරුණු කිහිපයක් ඇය විසින් යෝජනා කර ඇත.

එහෙත් යෝජනාව වෙනුවෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය තිලත් මාරපන මහතා ප්‍රකාශ කළේ මෙරට තුළ දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට ව්‍යවස්ථානුකූල ඉඩකඩක් නොමැති බවය.

ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පැහැදිලි පියවර පිළිබඳව විදේශ අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අබාධිත රණවිරුවන්ට විසඳුමක් ගේන්න සජිත් ඉදිරිපත් වෙයි

Mohamed Dilsad

කොළඹ කසල පුත්තලම අරුවක්කාලු කසල අංගණයට

Mohamed Dilsad

නව රජය කිසිඳු දේශපාලන පලිගැනීමක් සිදුකර නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment