විදෙස්

නවසීලන්තයේ ගිනි අවි නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය…

(UTV| නවසීලන්ත) – ගිනි අවි පිළිබඳ නීති වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ප්‍රකාශ කර ඇත.

පසුගිය සිකුරාදා බ්‍රෙන්ටන් ටැරන්ට් නැමති පුද්ගලයෙකු මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 50 දෙනෙකු මියයෑමත් සමඟ එම නීති වෙනස් කරන බවටයි ඇය ප්‍රකාශ කළාය.

අදාළ ප්‍රහාරය සඳහා යොදාගත් ගිනි අවි මොහු අන්තර්ජාලය ඔස්සේ නීත්‍යානුකූලව ලබාගත් බවට හෙළිවීම මීට හේතු වී තිබේ.

සැකකරු විසින් ප්‍රහාරයට ගිනි අවි 5 ක් යොදාගෙන තිබූ අතර, පසුව හෙළිවුණේ මොහු වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයක සාමාජිකයෙකු බවටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

යේමනයේ ඒඩ්න් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලි හවුති කැරළිකරුවන් අතට

Mohamed Dilsad

අවුන්සාන් සුඛී 15 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළ යාමක්

Mohamed Dilsad

Leave a Comment