විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළ යාමක්

(UTV | ඉන්දියාව) – පසුගිය ජනවාරි මාසයේ එන්නත්කරණය ආරම්භ වීමත් සමග යම් පාලන මට්ටමක පැවති ඉන්දියාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය යළි අවදානම් සහගත ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසය.

ගෙවුණු දිනයේ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 28,903 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ මාස 3කට පසුව දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමකි.

සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙතරම් සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇත්තේ, දෙසැම්බර් 13 වනදායින් පසුව බවයි.

Related posts

ලැව් ගින්නෙන් නිවාස 30 ක් විනාශයට

Mohamed Dilsad

ඊශ්‍රායල වෙළඳ කටයුතු සඳහා පැනවු සීමාවන් ඉවතට

Mohamed Dilsad

මහමැතිවරණයකට බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment