ප්‍රමුඛ පුවත 1

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමිව බෞද්ධ කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්.

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම මස 16 සිට 23 වැනිදා දක්වා “ත්‍රිපිටකාභිවන්දනා” සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

එම සතිය තුළ දිවයින පුරා විශේෂ බෞද්ධාගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය පුරාවට රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සියලුම නිවාසවල, රථ වාහන සහ මංමාවත් වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන මෙන් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දහම් පාසල් ගොඩනැගිලි නොමැතිව ගස් යට දහම් අධ්‍යාපනය ලබන දු දරුවන් වෙනුවෙන් මාර්තු 17 වන දින විහාරස්ථාන 226ක දහම් පාසල් ශාලා ඉදිකිරීම් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන වෛද්‍යවරුන්ගෙන් යළිත් රතු එළියක්

Mohamed Dilsad

සොරකම් කරන ලද රන්මාල සහ මුදල් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ලසන්තගේ ඝාතනයට ගෝඨාභය සම්බන්ධ නෑ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment