ප්‍රමුඛ පුවත 1

සොරකම් කරන ලද රන්මාල සහ මුදල් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – කොල්ලකෑම් කිහිපයකට සම්බන්ද සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (11) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ව අත්අඩංගුවට දෙන ඇත්තේ ලැබුණු තොරතුරක් මත වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කරනු ලැබූ වැටලීමකදීය.

මෙහිදී ඔවුන් විසින් යතුරුපැදි වලින් ගොස් කොල්ලකන ලද කාන්තාවන්ගේ රන්මාල , ජංගම දුරකථන , මුදල් අඩංගු අත් බෑග් සහ යතුරුපැදි 03ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

මොවුන් අයිස් නමැති මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වූ පුද්ගලයන් බවත් එම මත්ද්‍රවය පානය කිරීම සඳහා මෙම කොල්ලකෑම් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත සැකකරුවන් අවුරුදු 21ක්  වයසැති වැල්ලම්පිටිය පදිංචි කරුවන් වේ.

මෙම සැකකරුවන් අද (12) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිතයින් ඇමති රිෂාඩ් හමුවෙයි(ඡායාරූප)

Mohamed Dilsad

හික්කඩුවේදී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාව සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලයේ සියලුම ඇමතිවරුන්ට කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment