ප්‍රමුඛ පුවත 1

නංවමු ලංකා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන ඇමති රිෂාඩ්දේ ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – “නංවමු ලංකා” ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳව වූ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් මොරටුව, කටුබැද්ද කාර්මික සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද (09) පැවැත්විණි.

“නංවමු ලංකා” වැඩසටහන දියත් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කෙරෙණි. කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධ්කාරිය, ජාතික ශිල්ප සභාව, යන ආයතනවල දිස්ත්‍රික් ප්‍රධානීන්, සම්බන්ධීකරණ නිලධාරීන් මේ සාකච්ඡාවට කැඳවා තිබිණ.

එහිදී මැතිවරණ කොට්ඨාස මට්ටමින් ව්‍යවසායකයින් හඳුනාගැනීම, ඔවුන්ට උපකරණ ලබාදීම ඇතුළු කරුණු රැසක් සාකච්ඡාවට ගැනිණ.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී රංජිත් අශෝක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති නවීන් අධිකාරම් යන මහත්වරු ඇතුලු ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සාපෙළෙ ප්‍රතිඵල ලබන 28 නිකුත් වෙයි

Mohamed Dilsad

වර්ජනය නිසා ලංගමයෙන් අතිරේක බස්

Mohamed Dilsad

ගෑස් මිල 190 කින් ඉහළට- කිරිපිටි මිල 25 කින් පහළට

Mohamed Dilsad

Leave a Comment