ප්‍රමුඛ පුවත 1

සැකකටයුතු කාන්තාවෝ දෙදෙනෙක් රත්මලනේදී අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  අන්සතු හැඳුනුම්පත් සහ ලියකියවිලි කිහිපයක් තියුණු ආයුධයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකාර කාන්තාවන් සතුව තිබී වෙනත් පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් 03ක්, යුධ හමුදා හැඳුනුම්පතක්, නගර සභා හැඳුනුම්පතක්, විදේශ ගමන් බලපත්‍රයක්, වාහන ලියාපදිංචි සහතික පත්‍රයක්, සිම් කාඩ් නොමැති ජංගම දුරකථන දෙකක් සහ තහනම් පිහියක් සොයාගෙන තිබේ.

ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 53 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

පෞද්ගලික ඔසුසැල් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

හමුදා භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වු ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන මෙහෙයුම් වල

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලබාසිටි ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක මිය යයි

Mohamed Dilsad

Leave a Comment