ප්‍රමුඛ පුවත 1

සැකකටයුතු කාන්තාවෝ දෙදෙනෙක් රත්මලනේදී අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  අන්සතු හැඳුනුම්පත් සහ ලියකියවිලි කිහිපයක් තියුණු ආයුධයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකාර කාන්තාවන් සතුව තිබී වෙනත් පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් 03ක්, යුධ හමුදා හැඳුනුම්පතක්, නගර සභා හැඳුනුම්පතක්, විදේශ ගමන් බලපත්‍රයක්, වාහන ලියාපදිංචි සහතික පත්‍රයක්, සිම් කාඩ් නොමැති ජංගම දුරකථන දෙකක් සහ තහනම් පිහියක් සොයාගෙන තිබේ.

ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 53 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ත්‍රස්ත සාමාජිකයා නිදහස් කරගැනීමට පොලිසියට අල්ලස් දුන් සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ලෝක තෙත් බිම් සැමරුම 2018 ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment