ප්‍රමුඛ පුවත 1

රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ජනපති අතින් නිරාවරණය කෙරේ

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙහිලා පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (04) පෙරවරුවේ සිදු කෙරුණි.

ජාතික අභිලාෂයන් වෙනුවෙන් කැපවූ විශිෂ්ට නායකයකු වූ රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ගුණ සමරුව පෙබරවාරි 26 වනදාට යෙදී තිබුණි.

ඒ නිමිත්තෙන් ඒ මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී නිරාවරණය කෙරුණු අතර ආලේඛ්‍ය චිත‍්‍රය නිරාවරණය කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ද, අමල් කරුණාරත්න, අවන්ති කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්වුණු ගාල්ල දිස්ති‍්‍රක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමට ද මින් අනතුරුව ජනාධිපතිවරයා එක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත්නම් දින 3 ක් ඇතුළත තහවුරු කරන්න [VIDEO]

Mohamed Dilsad

පානීය ජාල ගැටළු දැනුම් දීමට 117 දුරකථන අංකය

Mohamed Dilsad

තලවකැලේ නගරයේ වෙළඳසැල් හදිසි පරීක්‍ෂාවකට

Mohamed Dilsad

Leave a Comment