ප්‍රමුඛ පුවත 1

කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV|මන්නාරම) – කේරල ගංජා කිලෝග්‍රෑම් 42 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද (28) උදෑසන උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව සිදු කල මෙහෙයුමකදීය.

මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 37 වන වියෙහි පසුවන මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම පුද්ගලයා සහ කේරල ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට සුදානම් වේ.

මේ අතර උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේද (27) පේදුරුතුඩුවට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකින් කේරල ගංජා කිලෝග්‍රෑම් 86.4  ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමාජ ව්‍යවසායකයින් පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඇමති රිෂාඩ්ට පිළිගන්වයි

Mohamed Dilsad

ආනයනික ලොකු ළූණු සඳහා පනවා ඇති බද්ද රුපියල් 20කින් ඉහළට

Mohamed Dilsad

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණයට වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment