ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණයට වැඩපිළිවෙළක්

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර තිබේ.

කිසිදු ජාත්‍යන්තර පාසලක් දැනට අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණයට අයත් නොවන බව එහි අතිරේක ලේකම් ආර්. එම්. එම්. රත්නායක මහතා සඳහන් කළේය.

අමාත්‍යංශයට මේ හේතුවෙන් ඒවායේ ඉගැන්වීම් ක්‍රමවේද මෙන්ම දරුවන්ට දැරීමට සිදුවන පීඩනය මෙන්ම ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් සොයා බැලීමට හැකියාවන් නොමැත.

මීට අමතරව ඇතැම් ජාත්ත්‍යන්තර පාසල්වල උගන්වන ගුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ද ගැටලු පවතින බව ද අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඊට විසඳුමක් ලෙස නව වැඩපිළිවෙළක් නුදුරේදීම ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය සඳහා ක්‍රියාත්මක කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති විරෝධය මැද අද යළිත් විශේෂ තේරීම් කාරකසභාව රැස්වේ

Mohamed Dilsad

මෙරටට එවූ කටුස්සන් වැනි සත්ව විශේෂයක් ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

සියලු පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතී විය යුතුයි – පොලිස්පති

Mohamed Dilsad

Leave a Comment