ප්‍රමුඛ පුවත 1

දිවයිනේ නිරිත දිග කොටසට අධික වැසි තත්වයක්.

(UTV| කොළඹ) – දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද(26) සහ හෙට (27) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන් දකුණු සහ සබරගමුව පළාත්වල වැඩි වශයෙන් වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

රත්නපුර, කළුතර ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි සහ ඌව සහ මධ්‍යම පළාත්වලත් කෑගල්ල, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැක.

දකුණු පළාතේ ද රත්නපුර,කළුතර,මොණරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජවිපෙ විශ්වාස භංගය අද විවාදයට

Mohamed Dilsad

එජාප නායක මල්වතු මහනාහිමියන්ට කෘතවේදීත්වය පුදයි[PHOTO]

Mohamed Dilsad

මරණ දඩුවමට විරුද්ධයි – යුරෝපා සංගමයෙන් යළිත් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment