ප්‍රමුඛ පුවත 1

එජාප නායක මල්වතු මහනාහිමියන්ට කෘතවේදීත්වය පුදයි[PHOTO]

(UTV | කොළඹ) – මල්වතු මහා විහාරයට පැමිණි ඒ මහතා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවක නිරත වූණි.

අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි  රනිල් වික්‍රමසිංහ මහතා මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ ද සාකච්ඡාවක නිරත විය.

 

මෙම සාකච්ඡාව මාධ්‍යට විවෘත නොවුණු අතර සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ඒ මහතා තමන් අග්‍රාමාත්‍යධුරය හෙබවූ  සමයේ මහනාහිමිපාණන් වහන්සේ ලබාදුන්  දායකත්වයට කෘතවේදීත්වය පළ කිරීම සඳහා පැමිණි බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව මහා නායක හිමියන් සමඟ සාකච්ඡා වුණු බවත් පක්ෂයේ වෙනස්කම් කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ සිදුවන බව මෙහිදී සාකච්ඡා වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්ඩංගුවට

Mohamed Dilsad

අඹතැන්නේ සිද්ධියට සම්බන්ධ හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද දිවුරුම් දුන් අමාත්‍යාංශ ලේකම්වරු

Mohamed Dilsad

Leave a Comment