ප්‍රමුඛ පුවත 1

අඹතැන්නේ සිද්ධියට සම්බන්ධ හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| මහනුවර) – පසුගිය දා මහනුවර , පූජාපිටිය ,අඹතැන්න ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ වෙළඳසැල් වලට ගිනි තබා අලාභහානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් සේවයේ නියුතු යුද හමුදා කෝප්‍රල්වරුන් වේ.

එක් හමුදා කෝප්‍රල්වරයෙකු 143 වන බලසේනා මූලස්ථානය නියෝජනය කරන අතර, අනෙක් යුද හමුදා කෝප්‍රල්වරයා නියෝජනය කරන්නේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවයි.

ත්‍රස්ත විමර්ශන දිසාව විසින් අදාළ හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය ගැටළු ගැන අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල විරෝධතාවයක්

Mohamed Dilsad

නාවික හමුදාව විසින් ගාලූමුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment