ප්‍රමුඛ පුවත 1

පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවට සහභාගී වන දූත පිරිස ඇමති රිෂාඩ් හමුවෙයි

(UTV| කොළඹ) – 2018 අප්‍රේල් 16 සිට 18 දක්වා ලන්ඩන් නගරයේ දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගීවීමට නියමිත දූත පිරිස සමග වූ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, වොක්ෂෝල් වීදිය, සතොස මහලේකම් ගොඩනැගිල්ලේ අමාත්‍යාංශ කාර්යාලයේදී ඊයේ (09) පැවැත්විණි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදයේ සමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව මෙවර නම් කර තිබේ.

එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු නියෝජිතයන් 50 දෙනකු සහභාගීවීමට නියමිතව තිබේ.
රටවල් 52කින් නියෝජිතයින් 2,500ක් පමණ සහභාගී වන එම සමුළුවේදී ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය, ප්‍රවාහන, ධීවර, මැණික් සහ ස්වර්ණාභරන ඇතුළු කර්මාන්ත ක්‍ෂේත්‍ර වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/MINISTER3.jpg”]
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/minister-rishard-utv-news.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොහොට්ටුවට සහය දක්වන්නන් අතර හමුවක්

Mohamed Dilsad

වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය අදයි

Mohamed Dilsad

ලක්‍ෂ7කට අධික දුම්වැටි ගෙනා පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment